අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නක්ලස් කදුවැටියට මැදි වු මප/විල්/පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය පුරා වසර 88 ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් දරණ පාසලකි. මේ දක්වා උගතුන්,බුද්ධිමතුන් හා වියතුන් දහස් ගණනින් ලක්මවට දායාද කරමින් විරාජමානව ලග්ගල කොට්ඨාසයේ දීප්තිමත් පාසලක් ලෙස වැජබේ. ලග්ගල අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වු මෙම පාසල නව විදුහල්පති තුමන් වන පී.ජී. ආනන්ද මයා ගේ ඉදිරි දැක්මට අනුව සිසුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය සදහා පුර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කර ජාතික පොදු අරමුණු හා නිපුනතා ලගාකර ගැනීමට සමත්ව ඇත. තව ද 1-13 ශ්‍රේණි දක්වා සිසුන් අධ්‍යාපන ලබන අප පාසලේ ඔවුන්ගේ රුචි අරුචිකම් මනා අවබෝධයෙන් යුතුව විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් ඉටු කිරීමට අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය කැපවීම අගය කරමි. පාසලේ සියලු කාර්යයන් වලදී අභ්‍යන්තර හා බාහිර ප්‍රජාවගේ ශක්තින් හදුනා ගනිමින් අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි අනාගතයට ගැළපෙන ගෝලීය පුරවැසියන් අප විද්‍යාලයෙන් ජනිත කිරීම අපගේ අරමුණයි.









