පාසල පිළිබඳ තොරතුරු ඓතිහාසික තොරතුරු
1937 පෙබරවාරි මස 3 වන දින සී පොසොන් සූරිය මහතා මප /විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ මුල් ගුරුවරයා වශයෙන් වැඩ භාරගෙන ඇති අතර සිසුන් 49 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කර තිබේ.මේ වන විට විදුහල්පතිවරුන් 34 දෙනෙකු යටතේ මෙම පාසල පාලනය වී ඇති අතර වර්තමානයේදී විදුහල්පති ලෙස තෙවන පන්තියේ විදුහල්පතිවරයෙකු වන පී.ජී. ආනන්ද මහතා මෙම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන අතර, වර්තමානය වන විට විද්‍යාලයේ ගුරුවරුන් 31 දෙනෙකු සිටි.පැරණි පල්ලේගම නගරයේ තිබුණු මෙම පාසල 2018 වර්ෂයේ මුල් භාගයේ නව පල්ලේගම නගරයේ ස්ථාපනය වූ අතර පාසල් පෝෂක ප්‍රදේශ හේතුකොටගෙන 1 සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සංඛ්‍යාව 250 සිට 550 දක්වා දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. එමෙන්ම නව පහසුකම් යටතේ කෘෂි ඒකක, සෞන්දර්ය ඒකක, විද්‍යා ඒකක , රැස්වීම් ශාලා වලින් පරිපූර්ණව ස්ථාපනය වී ඇති මෙම පාසල වර්ථමානය වන විට ලග්ගල අධ්‍යාපන කොට්ඨාශයේ දීප්තියක් උසුලන පාසලක් බවට පත්වී ඇත.2021 වර්ෂයේ සිට ජාතික පාසලක් ලෙස විවෘත කිරීමට නියමිතව තිබුණි.






