මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

විල්ගමුව

මප/විල්/ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය

2nd term test remaining

2nd term test remaining

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

බී.එම්.එස්.එස්. බාලසුරිය මයා

පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය මධ්‍ය පළාතේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ලග්ගල අධ්‍යාපන කොට්ඨාසයේ දීප්තිමත් පාසල් අතුරින් එකකි. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය සදහා විවිධ ක්‍රියාකාරකම් හා ඉගෙනුම් අවස්ථා ජනිත කරමින් ඉගෙනුමි ඉගැන්වීම් කාර්යයන් වෙනුවෙන් ගුරුභවතුන්ගේ කැපවීම අගය කරමි. ජාතික විභාග සියල්ල ඉතා ඉහළ සාමාර්ථ සහිතව සමත් විම තුළින් මනා අධ්‍යාපන මට්ටමක් ලබා ඇති බව පැහැදිළිය. විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් ජාතික තලයේ විදු මවගේ නාමය රැදවීමට හැකි වු සිසු පරපුරක් සිටීමත් හොද ප්‍රජා සබදතාවත්  පාසල සතු වටිනා සම්පතක් සේ මා දකිමි. අනාගත ලොව‌ට ගැළපෙන ගෝලීය පුරවැසියන් නිර්මාණය සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර තලයේ සන්නිවේදන වර්ධනයට හා දුරස්ථ අධ්‍යාපනය සංවර්ධනය සදහා සයිබර් ලොවට පියාපත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පාසල් පද්ධතියට මහගු අත්වැලක් සේ මා දකිමි. ඒ් වෙනුවෙන්  කැප වු සියලුම දෙනාට කෘතවේදීත්වය පලකරමි.

ස්තූතියි 

 

 

බී.එම්.එස්.එස්. බාලසුරිය මයා
නියෝජ්‍ය විදුහල්පති( අධ්‍යාපන සංවර්ධන)
මප/විල්/පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය.